ඇමරිකාවේ අනාගත පරපුර බිලිගන්නා තුවක්කු ප්‍රචණ්ඩත්වය
2023-10-03 15:57:53
Share with:

තුවක්කු ප්‍රචණ්ඩත්වය ඇමරිකාවේ දරුවන් හා යෞවන මරණ සඳහා බලපා ඇති ප්‍රධානම හේතුව බවට පත් ව ඇතැයි එරට රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම දත්තවල දැක්වේ. ගමනාගමන අනතුරු අභිභවා තුවක්කු ප්‍රචණ්ඩත්වය එහි පළමු තැනට පැමිණ තිබේ.

අදාල දත්තවලට අනුව 2021 වසරේ දී ඇමරිකාවේ වෙඩිතැබීම්වලින් මියගිය දරුවන් හා යෞවනයන්ගේ සංඛ්‍යාව 2279 කි. එම අගය 2011 වසර හා සැසඳීමේදී දෙගුණයක වැඩිවීමකි. වසර 2019 – 2021 දක්වා වසර තුනක කාලය තුළ එම සංඛ්‍යාව සියයට 50 කින් ඉහළ ගොස් ඇත.

මේ අතර ඇමරිකාවේ සිටින අප්‍රිකානු සම්භවය සහිත දරුවන් හා යෞවනයන් තුවක්කු ප්‍රචණ්ඩත්වයෙන් මිය යාමේ අනුපාතය එහි සුදු ජාතික දරුවන් සංඛ්‍යාවට වඩා ඉහළ බව ද දත්ත තුළින් පිළිබිඹු වේ.  2021 වසරේ, අප්‍රිකානු සම්භවය සහිත ඇමරිකානු දරුවන් හා යෞවනයන් සෑම ලක්ෂයකට ම 17 දෙනෙකු තුවක්කු ප්‍රචණ්ඩත්වයෙන් මියගොස් තිබේ. සුදු ජාතික දරුවන් හා යෞවනයන්ගේ එම අනුපාතය ලක්ෂයකට 2.9 කි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම