එක්සත් ජාතීන්ගේ මුදල් ද්‍රවශීලතා අර්බුදයට ප්‍රධාන හේතුව චීනය පැහැදිලි කරයි
2023-10-03 16:09:27
Share with:

ලොව ප්‍රධාන රටවල් බව කියා ගන්නා ඇතැම් සාමාජිකයන් සිය දායක මුදල් දිගුකලක් තිස්සේ නොගෙවීම, එක්සත් ජාතීන්ගේ මුදල් ද්‍රවශීලතා අර්බුදයට ප්‍රධාන හේතුව බව චීනය පවසයි.

එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර උප නියෝජිත Dai Bing මහතා ඊයේ (2) පැවති ජගත් මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයේ, පරිපාලන හා අයවැය කමිටු (5 වන කමිටුව) නිත්‍ය රැස්වීමේ ආරම්භක උත්සවයේ දී මේ බව ප්‍රකාශ කළේය. 

Dai Bing මහතා පෙන්වා දුන්නේ එක්සත් ජාතීන්ගේ සම්පත් බෙදා දීමේ දී , ආරක්ෂාව, සංවර්ධනය හා මානව හිමිකම් යන ප්‍රධාන ක්ෂේත්‍ර සමබරව සැලකිය යුතු බවයි. එමෙන්ම එක්සත් ජාතීන්ගේ පරිපාලනය තුළ සංවර්ධනය වෙමින් පවතින රටවල හඬ සැබවින්ම ඉහළ නංවා ගත යුතු බව ද හෙතෙම පැවසීය.

චීනය, සාමය ගොඩනැගීමේ කාර්යය ඉතා වැදගත් කොට සලකන බව ද Dai Bing මහතා මෙහිදී කියා සිටියේය. සංවර්ධිත රටවල් මුදල් ගෙවීමේ ක්‍රමවේදය වෙනස් කිරීමෙන් සාම සාධක අරමුදල් ගෙවීමේ වගකීම මඟහැරීමට උත්සාහ කරති. එමෙන්ම ඔවුන් අදාළ අරමුදලේ පාලනය හා නායකත්ව අයිතිය උදුරා ගනිමින් සාමාජික රටවල අධීක්ෂණ අයිතීන් අහිමි කිරීම ඉතා අසාධාරණ බව චීනය අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම