කොළඹ මූල්‍ය නගරයේ ප්‍රථම ආයෝජකයා දිවයිනට
2023-10-03 16:08:42
Share with:

කොළඹ මූල්‍ය නගරයේ ආයෝජනය කරන ප්‍රථම ආයෝජකයා ලෙස, චීන සමාගමක ආයෝජකයෝ සිවුදෙනෙක්  කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණෙති. චීනයේ CZK Huarui International Culture and Art සමාගමේ සාමාන්‍යාධිකාරි සොෆියා ලී මහත්මිය ඇතුළු තවත් තිදෙනෙක් මේ පිරිසට ඇතුළත් වෙති.

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පසුගිය දා චීනයේ කළ සංචාරයෙන් පසුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සමග ඇති කර ගත් එකඟතා සහ ගිවිසුම්වලට අනුකූලව මෙම ආයෝජකයන් පිරිස පැමිණ තිබේ.

මැණික් කෞතුකාගාරයක්, ඊට අනුබද්ධ මැණික් පිරික්සුම් රසායනාගාරයක් සහ මැණික් වෙන්දේසි මධ්‍යස්ථානයක් කොළඹ මූල්‍ය නගරයේ පිහිටුවීම මෙම ආයෝජකයන්ගේ එක් අරමුණකි. මීට අමතරව විද්‍යුත් වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ස්ථාපනය සඳහා ද සැලසුම් කර ඇත.

මෙම සියලු ආයෝජන ව්‍යාපෘති සඳහා දින 07 ක් තුළ අවශ්‍ය අනුමැතිය ලබාදීමට අමුණුගම මහතා පියවර ගන්නා බව ද දැනුම් දී තිබේ. 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම