හයිටි කල්ලිවලට එරෙහි ව අවි තහනමක් පැනවීමේ වැදගත්කම චීනය අවධාරණය කරයි
2023-10-03 15:15:58
Share with:

 

හයිටියේ ක්‍රියාත්මක කල්ලිවලට එරෙහිව ආයුධ සම්බාධක පැනවීමේ වැදගත්කම චීනය පෙන්වාදෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ නිත්‍ය නියෝජිත Zhang Jun මහතා පවසන්නේ එම වැදගත් තීරණයට චීනයේ පූර්ණ එකඟතාව පළකරන  බවයි. ඔහු මේ අදහස් පළකළේ ඊයේ (3)  ජගත් ආරක්ෂක මණ්ඩලයේ අදාල සමුළුවකට එක්වෙමිනි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 2699 යෝජනාව මගින් හයිටියේ සියලුම කල්ලි සඳහා ආයුධ සම්බාධක පුළුල් කර තිබේ. මීට පෙර, ආයුධ සම්බාධක පනවනු ලැබුවේ, නම් කරන ලද පුද්ගලයන් සහ ආයතන වෙත පමණකි. 

මෙම ඡන්ද විමසුමේ දී අදහස් දක්වමින් Zhang Jun මහතා කියාසිටියේ, ආරක්ෂක මණ්ඩලය මීට පෙර මෙම වැදගත් තීරණයට එළඹුණේ නම් හයිටියේ ආරක්ෂක තත්ත්වය අද පවතින තරම් පිරිහීමට ලක් නොවනු ඇති බවයි. මෙතැන් සිට, මෙම යෝජනාවට අනුකූලව හයිටියේ කල්ලි ප්‍රචණ්ඩත්වය මැඩලීමට සහ එරට ජනතාවගේ ජීවිත ආරක්‍ෂා කිරීම සඳහා ස්ථිර ක්‍රියාමාර්ග ගැනීමේ වගකීමට සියලුම රටවල් බැඳී සිටින බව ද ඔහු පැවසීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම