කිසිදු සිද්ධියක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ නොකරන බව ජනපති කියයි
2023-10-03 17:05:05
Share with:

2019 පාස්කු ඉරිදා ප්‍රහාරය ඇතුළු කිසිදු සිද්ධියක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ සිදු කිරීමට ශ්‍රී ලංකා රජය පියවර නොගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ "Deutsche Welle" හෙවත්  ජර්මනියේ ජාතික රූපවාහිනී නාලිකාවක් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී ය.

බ්‍රිතාන්‍යය හෝ ජර්මනිය එවැනි පරීක්ෂණයක් සිදුකර නොමැති බවත් ශ්‍රී ලංකාව සහ ආසියාතික රටවලට පමණක් මෙවැනි ආකාරයේ පරීක්ෂණ සිදුකරන ලෙස ප්‍රකාශ කරන්නේ කුමන කරුණු මත පදනම්ව දැයි ජනාධිපතිවරයා එහිදී ප්‍රශ්න කර සිටියේය.


 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම