ජනමාධ්‍ය ඇමති බෙයිජිං නුවර විශ්වවිද්‍යාල සංචාරයකට එක්වෙයි
2023-10-02 16:01:42
Share with:

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා බෙයිජිං විදේශ භාෂා  විශ්වවිද්‍යාලයේ විශේෂ සංචාරයකට එක්වෙයි. අමාත්‍යවරයා චීනයට පැමිණියේ බෙයිජිං නුවර පැවති, 2023 ගෝලීය තිරසර ප්‍රවාහන සමුළුවට සහභාගි වීම සඳහා යි.

කොන්ෆියුසස් චීන අධ්‍යාපන සැලැස්ම අනුව පිරිනමන ලද ශිෂ්‍යත්වයක් යටතේ බන්දුල ගුණවර්ධන මහතා සිය දර්ශනපති උපාධිය සම්පූර්ණ කළේ ද බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයෙන් වීම විශේෂත්වයකි.

විශ්වවිද්‍යාලයේ සභාපති, කමිටු නියෝජ්‍ය ලේකම්, මහාචාර්ය යං ඩැන් මහතා, කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති, මහාචාර්ය මල්වානේ චන්දරතන හිමි සහ  චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ භාරකාර යෝගානන්ද මහතා ද මේ අවස්ථාවට එක් ව සිටියහ.


ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම