මාලදිවයින් නව නායකයාට ජනපතිගෙන් සුබපැතුම්
2023-10-02 15:57:35
Share with:

මාලදිවයිනේ නව ජනාධිපති ලෙස තේරී පත් වූ මොහොමඩ් මුයිසු මහතා වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබපැතුම් පිරිනමයි. ජනාධිපතිවරයා ඊයේ (01) දුරකථනයෙන් තම උණුසුම් සුබපැතුම් පළ කර තිබේ. 

දෙරට ජනතාවගේ උන්නතිය වෙනුවෙන් ද්විපාර්ශ්වික සබඳතා නව ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ තවදුරටත් බලගැන්වීම තම අපේක්ෂාව   බව වික්‍රමසිංහ මහතා මෙහිදී  පැවසීය. අධ්‍යාපන, සෞඛ්‍ය, වෙළඳාම සහ ආයෝජන ක්ෂේත්‍රයන් හි සහයෝගිතා තර කිරීමේ වැදගත්කම ද හෙතෙම එහිදී අවධාරණය කළේය.

නව ජනාධිපති මොහොමඩ් මුයිසු මහතාගේ පාලන කාලය තුළ මාලදිවයිනට සමෘද්ධිය උදාවනු ඇතැයි තමා බලාපොරොත්තුවන බව පැවසූ ජනාධිපතිවරයා එරට රජයට සහ සියලු සහෝදර ජනතාවට ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ හෘදයංගම ශුභාශිංසන පළ කරන බව ද කියාසිටියේය.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම