ත්‍රස්තවාදයට එරෙහි සටන අධිෂ්ඨානශීලී ව දියත් කරන බව තුර්කි ජනපති අවධාරණය කරයි
2023-10-02 15:46:10
Share with:

සාමය කඩ කරමින්, පුරවැසියන්ගේ ආරක්ෂාවට තර්ජන එල්ල කරන ඕනෑම ත්‍රස්ත ප්‍රහාරයක් අසාර්ථක විය යුතු බව තුර්කි ජනාධිපති Recep Tayyip Erdogan මහතා ප්‍රකාශ කරයි. හෙතෙම මේ බව කියා සිටියේ අන්කාරා අගනුවරට එල්ල වූ බෝම්බ ප්‍රහාරය පිළිබඳ අදහස් දක්වමින් ඊයේ (1) පාර්ලිමේන්තුවේ දී දේශනයක් පවත්වමිනි.

පසුගිය වසර 40 තුළ ත්‍රස්තවාදයට එරෙහි සටන වෙනුවෙන් තුර්කිය විශාල උත්සාහයක් සහ කැපකිරීමක් කර ඇති බව Recep Tayyip Erdogan මහතා පැවසීය. අවසාන ත්‍රස්තවාදියා තුරන් කරන තෙක් ම තම රට ත්‍රස්තවාදයට එරෙහි ව අධිෂ්ඨානශීලීව සටන් කරන බව ද ඔහු අවධාරණය කළේය.

ඔක්තෝබර් පළමුවැනිදා පෙරවරු 9.30 ට පමණ ත්‍රස්තවාදීහු දෙදෙනෙක් සාමාන්‍ය වාහනයකින් තුර්කියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ආරක්‍ෂක කාර්යාංශ ගේට්ටුව වෙත ගොස් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළහ. මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර, ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු කණ්ඩායමක් භාරගෙන නොමැත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම