තුන්වැනි චීන-ජර්මානු උසස් පෙළේ මුදල් හා මූල්‍ය සංවාදය සාර්ථකව පැවැත්වේ
2023-10-02 16:24:13
Share with:

 තුන්වැනි චීන-ජර්මානු උසස් පෙළේ මුදල් හා මූල්‍ය සංවාදය පැවැත්වේ.

ෆ්‍රෑන්ක්ෆර්ට් නගරයේ ඊයේ  (1) පැවති එම සංවාදයේ සම මුලසුන් දැරුවේ චීන උපඅගමැති හ ලීෆෙං මහතා සහ ජර්මානු මුදල් ඇමති Christian Lindner මහතා යි.

දෙරට නායකයන්ගේ පොදු එකඟතා ක්‍රියාවට නංවමින්, අන්‍යොන්‍ය ප්‍රතිලාභ සහිත සහයෝගතා පුළුල් කිරීමටත්, දෙරටේ අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වයට ධනාත්මක බලය එකතු කිරීමටත් ජර්මනිය සමග එක්ව කටයුතු කිරීමට චීනය සූදානම් බව චීන උපඅගමැතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

ජර්මානු මුදල් ඇමතිවරයා කියාසිටියේ, ද්විපාර්ශ්වික සම්බන්ධතාව ඉදිරියට මෙහෙයවීම සඳහා මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රායෝගික සහයෝගතා ශක්තිමත් කිරීමට තම රට අපේක්ෂා කරන බවයි.‍

සාර්ව ආර්ථික තත්ත්වය, ගෝලීය ආර්ථික පාලනය සහ මූල්‍ය සේවා සහයෝගතාව පිළිබඳව දෙපාර්ශ්වය එහිදී ගැඹුරින් අදහස් හුවමාරු කර ගත් අතර, පොදු ජයග්‍රහණ දිනාගත හැකි එකඟතා රැසකට ද එළඹ තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම