ජකර්තා-බැන්ඩුං අධිවේගී දුම්රිය මාර්ගයේ මෙහෙයුම් ඇරඹුම ඉන්දුනීසියානු ජනපති ප්‍රකාශයට පත්කරයි
2023-10-02 15:07:02
Share with:

ජකර්තා-බැන්ඩුං අධිවේගී දුම්රිය මාර්ගයේ ධාවන මෙහෙයුම් නිල වශයෙන් ඇරඹේ. ඉන්දුනීසියානු ජනාධිපති Joko Widodo මහතා විසින් ජකර්තා හි හලිම් දුම්රිය ස්ථානයේ දී අද (2) ඒ බව ප්‍රකාශයට  පත්කරනු ලැබීය. 

මෙම අධිවේගී දුම්රිය මාර්ගයේ මෙහෙයුම් ක්‍රියාවට නංවන ඉන්දුනීසියානු -චීන හවුල් ව්‍යාපාර සමූහයක් වන PT Kereta Cepat Indonesia-China සමාගම වෙත එරට ප්‍රවාහන අමාත්‍යාංශය විසින් අදාළ බලපත්‍ර නිකුත් කරනු ලැබ ඇත.

අධිවේගී දුම්රියේ ශබ්දය ඇසුරින් සැකසුණු "වූෂ්" යන නමින් මෙම දුම්රිය නම් කර තිබේ. නිල මෙහෙයුම් ඇරඹුමට එක් වූ එරට ජනාධිපතිවරයා කියාසිටියේ, මෙම ව්‍යාපෘතිය තම රටේ සමස්ත ප්‍රවාහන පද්ධතියේ නවීකරණය සටහන් කරන බවයි. කාර්යක්ෂම මෙන්ම පරිසර හිතකාමී  'වූෂ්' අධිවේගී දුම්රිය ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව හෙතෙම මෙහිදී නිවේදනය කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම