මාලදිවයිනට නව ජනාධිපතිවරයෙක්
2023-10-01 15:48:05
Share with:

මාලදිවයින් ප්‍රගතිශීලී කොංග්‍රස් සන්ධාන අපේක්ෂක, මාලේ නගරාධිපති Mohamed Muizzu මහතා ඊයේ (30) පැවති ජනාධිපතිවරණයේ දෙවන වටයේ ඡන්ද විමසීමෙන් ජයග්‍රහණය කර මාලදිවයිනේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය. මාලදිවයිනේ මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (30) රාත්‍රියේ එම ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළේය.

මාලදිවයිනේ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව, ඡන්ද දායකයින් 246,000 කට වැඩි පිරිසක් ඊයේ (30) ඡන්දය ප්‍රකාශ කිරීමට සහභාගී වූ අතර, එය ප්‍රතිශතයක් ලෙස 87% කට වඩා වැඩිය.

Mohamed Muizzu මහතා සමස්ත ඡන්දවලින් 54% ක් පමණ ලබා ගෙන ඇති අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ වත්මන් ජනාධිපති Ibrahim Mohamed Solih මහතාට 46% ක පමණ ඡන්ද ප්‍රමාණයක් හිමි වී ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම