ඉන්ධන මිල සංශෝධනය ගැන තීරණයක්
2023-10-01 16:39:42
Share with:

මිල සූත්‍රයට අනුව මෙවර ඉන්ධන මිල සංශෝධනය හෙට (02) මධ්‍යම රාත්‍රියේ සිට සිදුකිරීමට නියමිතව තිබේ. විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ මිල සංශෝධනය හෙට රාත්‍රියේ ප්‍රකාශයට පත්කරන බවයි

මිල සූත්‍රයට අනුව පසුගිය මාසයේ දී ඉන්ධන මිලෙහි සැලකිය යුතු වැඩිවීමක් සිදුවුණි. මේ අතර මෙවර ගෑස්  මිල සංශෝධනය ද ඔක්තෝබර් මස 4 වන දින ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ සමාගම පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන්වලට අනුව මෙවර මිල සංශෝධනයේ දී ගෑස් මිලෙහි සුළු වැඩිවීමක් සිදුවනු ඇති බවයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම