හිටපු ජනාධිපතිවරු සිව්දෙනෙකුගේ සහභාගීත්වයෙන් කොළඹදී පැවති මහජන චීන සමූහාණ්ඩුවේ 74 වැනි සංවත්සරය
2023-09-30 14:49:40
Share with:

දරිද්‍රතාවෙන් මිදී සංවර්ධනය කරා ගමන් කිරීම සඳහා ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහාය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කියු ෂෙන්හොන් මහතා අවධාරණය කරයි. මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 74 වැනි සංවත්සරය නිමිත්තෙන් කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් තානාපතිවරයා මේ බව සඳහන් කළේය. මෙම සැමරුම් අවස්ථාවට හිටපු ජනාධිපතිවරුන් වන වන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ යන මහත්ම මහත්මීන් ද සහභාගී වූහ. 

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විසින් යෝජනා කළ එක් තීරයක් එක් මාවතක් සංවර්ධන වැඩපිළිවෙළේ 10 වැනි සංවත්සරය මේ වසරේ සනිටුහන් කරන බව පැවසූ තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ චීනය ශ්‍රී ලංකාවට ස්වකීය ජාතික තත්ත්වයන්ට ගැළපෙන සංවර්ධන මාවතක් අනුගමනය කිරීමට අඛණ්ඩව සහාය ලබා දෙන බවයි.  

මෙම උත්සවයට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙන්ම පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් සහ  රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ද එක්ව සිටියහ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම