ආසියා-පැසිෆික් කලාපයේ කටයුතු සම්බන්ධයෙන් චීන-ඇමරිකානු සාකච්ඡා පැවැත්වේ
2023-09-29 15:33:57
Share with:

චීන උප විදේශ අමාත්‍ය Sun Weidong මහතා ආසියා-පැසිෆික් කලාපයේ කටයුතු ස පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් Daniel Kritenbrink මහතා සමග ආසියා-පැසිෆික් කලාපයේ කටයුතු සම්බන්ධයෙන් චීන-ඇමරිකානු සාකච්ඡා පැවැත්වීය. පසුගිය 27වැනිදා ඇමරිකාවේ වොෂින්ටනයේදී එම සාකච්ඡාව පැවැත්විණ.

චීන-ඇමරිකානු සබඳතා, ආසියා-පැසිෆික් කලාපයේ තත්ත්වය, අදාළ කලාපීය ප්‍රතිපත්ති සහ පොදු අවධානයට ලක්විය යුතු ජාත්‍යන්තර සහ කලාපීය ගැටළු පිළිබඳව එහිදී දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත්හ. එහිදී Sun Weidong මහතා තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය පැහැදිලි කළ අතර ඇමරිකාවේ ඊනියා "ඉන්දු-පැසිෆික් උපායමාර්ගය" සහ දකුණු චීන මුහුදේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය ප්‍රකාශ කළේය. ආසියා-පැසිෆික් කලාපයේ කටයුතු පිළිබඳ සන්නිවේදනය අඛණ්ඩව පවත්වාගෙන යාමට දෙපාර්ශ්වය එකඟත්වය පළ කළහ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම