චීන ජනාධිපතිවරයා ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක එක් තීරයක් එක් මාවතක් කාලීන වශයෙන් වැදගත් ව්‍යාපෘතියක්
2023-09-29 17:01:37
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ සංකල්පයකට අනුව ක්‍රියාත්මක එක් තීරයක් එක් මාවතක් වැඩසටහන පැරණි සේදමාවතේ ජීව ගුණයන් සහිතව ඉදිරියට ගමන් කරන ව්‍යාපෘතියක් බව කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශ ප්‍රධානී ආචාර්ය සුගත් සෙනරත් මහතා පවසයි. මෙම වැඩසටහන න්‍යායාත්මක මෙන්ම විද්‍යාත්මක වශයෙන් ඉදිරිපත් වූ වැඩසටහනක් බවද ‍හෙතෙම කියා සිටී. සාමය හා සහයෝගිතාවය, විවෘතභාවය හා ඇතුළත්භාවය, අන්‍යෝන්‍ය ඉගෙනීම හා ප්‍රතිලාභ චීන ජනාධිපතිවරයා ඉදිරිපත් කළ එම ජීව ගුණයන් බවද ආචාර්ය සුගත් සෙනරත් මහතා සඳහන් කරයි. මෙම මූලධර්මයන් පදනම් කර ගනිමින් ජය ජය මාදිලියේ සංවර්ධනයක් එක් තීරයක් එක් මාවතක් තුළින් මූලික වශයෙන් අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකාවද මෙම වැඩසටහනේ වැදගත් හවුල්කාරී පාර්ශ්වයකි. චීනයේ විදේශ ආයෝජනයන් ශ්‍රී ලංකාව ඇතුළු දියුණුවන රටවල සංවර්ධනයට වැදගත් සාධකයකි. එක්සත් ජාතීන්ගේ මූලධර්මයන්ට ද අනුකූල එක් තීරයක් එක් මාවතක් වැඩසටහන  සම්බන්ධයෙන් නැගෙන චෝදනා පදනම් විරහිත බව හෙතෙම පෙන්වා දෙයි. මාධ්‍ය මගින් ඊට එරෙහිව සිදු කෙරෙන ප්‍රචාරයන්හී මූලාශ්‍රය බටහිර මාධ්‍ය බවද හෙතෙම සඳහන් කළේය. එබැවින් රටවල් අතර අවබෝධය හා නිවැරදි තොරතුරු හුවමාරුව ඉතා වැදගත් බවද ආචාර්ය සුගත් සෙනරත් මහතා කියා සි‍ටී.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම