ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් වූ විට විදේශ ආයෝජනවලට අවස්ථාව
2023-09-28 16:34:23
Share with:

ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් අදියරට පැමිණ ඇති බවත්, එය අවසන් වූ වහාම විදේශ ආයෝජකයන්ට වේගවත්ව නැගී එන ශ්‍රී ලංකා ආර්ථිකයේ කොටස්කරුවන් වීමේ මහඟු අවස්ථාව උදාවන බවත් වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

සිදු කෙරෙමින් පවතින ආර්ථික ප්‍රතිසංස්කරණ තුළිත් ඇති වන තිරසර ආර්ථික වර්ධනය ආයෝජකයන්ට වඩාත් සුදුසු වටපිටාවක් නිර්මාණය කරනු ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් වැදගත් රටවල් වන චීනය, ඉන්දියාව සහ තායිලන්තය සමග ද්විපාර්ශ්වික නිදහස් වෙළෙඳ ගිවිසුම් පිළිබඳ සාකච්ඡා යළි ආරම්භ කර ඇති බවත් ඒවායේ සාර්ථකත්වය මත කලාපීය විස්තීරණ ආර්ථික සහයෝගීතාවකට අවතීර්ණ වීමේ හැකියාව ශ්‍රී ලංකාවට ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ඊයේ (27) මෙරට අමෙරිකානු වාණිජ මණ්ඩලයේ 31 වැනි වාර්ෂික මහා සභා රැස්වීමට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම