කොස්ටරිකා ජන රජය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි
2023-09-28 10:55:59
Share with:

කොස්ටරිකා ජන රජය සංක්‍රමණිකයින්ගේ අර්බුද හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි. එරට ජනාධිපති Rodrigo Chaves Robles මහතා පසුගිය 26වැනි දා මාධ්‍ය හමුවකදී පැවසුවේ තම රටට පැමිණි සංක්‍රමණිකයින්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් වර්ධනය වීම දරා ගත නොහැකි මට්ටමකට පත්ව ඇති බවයි. ‍ඊයේ (27) සිට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන ලෙසට හෙතෙම ජාතික හදිසි කොමිසමට දැනුම් දී තිබේ.

මෑතක වසරවලදී නීත්‍යනුකූල නොවන සංක්‍රමණිකයෝ විශාල පිරිසක් ඇමරිකාව හා මෙක්සිකෝව අතර පවතින දේශසීමා මායිම ඔස්සේ ඇමරිකාවට ඇතුළු වීමට උත්සාහ දරමින් සිටිති. එහිදී කොස්ටරිකාව, පනාමා හරහා එම පිරිස යා‍ යුතුය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම