‘ස්මාර්ට්’ සංකල්පයෙන් බලගැන්වුණු 19වැනි ආසියානු ක්‍රීඩා උළෙල
2023-09-28 21:42:15
Share with:

           

මේ දිනවල චීනයේ හං චෞ නුවරදී 19වැනි ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වේ.“‘ස්මාර්ට් හෙවත් සුහුරු බව’මෙම 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ කැපී පෙනෙනම ලක්ෂණයයි.” යනුවෙන් ඉන්දීය මාධ්‍යවේදියෙකු වන ජස්ප්‍රිත් සහනි මෑතකදී Times of India වෙබ් අඩවියට අදහස් දක්වමින් පවසා ඇත. සැබවින්ම ‘ස්මාර්ට්’ සංකල්පයෙන් යුතුව පළමුවරට සංවිධානය කෙරුණු ආසියානු ක්‍රීඩා උළෙල වන්නේ මෙවර හං චෞ ආසියානු ක්‍රීඩා උළෙලයි. එබැවින් මෙම ක්‍රීඩා උළෙල ආසියාතික රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය දස්කම් උපරිමයෙන් විදහා පෑමට හැකි දැවැන්ත ක්‍රීඩා පිටියක අත්දැකීම පමණක් නොව, චීනයේ ඩිජිටල් තාක්ෂණ සංවර්ධනයේ අපූර්වත්වය මැනවින් පෙන්නුම් කෙරෙන වේදිකාවකි.

 ඩිජිටල් තාක්ෂණ ක්ෂේත්‍රයේ චීනය ලබා ඇති දියුණුව අද ඊයේ සිදුවූවක් නොවේ. එය වසර ගණනාවක අඛණ්ඩ නවෝත්පාදන ක්‍රියාවලියේ නිරත වීමෙන් ලද උසස් ප්‍රතිඵලයක් බව කිව යුතු ය. චර් චියං පළාතේ අගනුවර වන හං චෞ , චීනයේ ඩිජිටල් නගරය නමින් හැඳින්වේ. හං චෞ නුවර සහ චර් චියං පළාත චීනයේ ඩිජිටල් කර්මාන්තයේ ප්‍රමුඛත්වයක් දරන බව සංඛ්‍යාලේඛනවල ද දැක්වේ. එබැවින් ඉහළ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ අද්විතීය ආසියානු ක්‍රීඩා උළෙලක් සංවිධාන කිරීමට හං චෞ නගරය සමත් වී ඇත.

 මේ වනවිට චීනය චීන ලක්ෂණවලින් යුත් නවීකරණ ක්‍රියාදාමයෙහි නිරත වෙමින් සිටී. එහි ප්‍රමුඛතම ගාමක බලය වන්නේ නවෝත්පාදනයයි. ගෙවුණු වසර 5 තුළ චීනය විද්‍යා තාක්ෂණික නවෝත්පාදනය වෙනුවෙන් විශාල මුදලක් වැය කර තිබේ. ගගනගාමීන් සහිත අභ්‍යවකාශ යාන පර්යේෂණය, උසස් පරිගණක තාක්ෂණය  හා ක්වෝටම් තොරතුරු ඇතුළු ක්ෂේත්‍රවල න‍වෝත්පාදන ප්‍රතිඵල චීනය අඛණ්ඩව අත්කරගෙන ඇත. වර්තමානයේ මානවයා මුහුණ දී සිටින විවිධ අභියෝග හමුවේ සංවර්ධනය අත්‍යවශ්‍ය වේ. සංවර්ධනයෙන් ලද ශක්තිය එම අභියෝග ජයගැනීමට ඇති හොඳම අවියයි.‘ස්මාර්ට්’සංකල්පයෙන් සුපෝෂිත වූ හං චෞ ආසියානු ක්‍රීඩා උළෙල අපට ලබා දෙන්නේත් මෙවන් පණිවිඩයකි.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම