නවීන යුගයට ගැලපෙන සංකල්ප රැසකින් පොහොසත් ජනාධිපති ෂී ජින් පිං මහතා අතිශය ප්‍රඥාවන්ත නායකයෙක්
2023-09-27 15:09:57
Share with:

2013 වසරේ සැප්තැම්බර් මාසයේ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කසකස්තානයේ සංචාරයක නිරත විය. චීනයේ Hainan පළාතේ අධ්‍යාපනය ලද කසකස්තාන තරුණයෙකු වන Ruslan Tulenov එක්තරා අවස්ථාවක දුර්ලභ ව පැවති කාණ්ඩයක රුධිරය නොමිලේ පරිත්‍යාග කිරීම පිළිබඳව තම දේශනයක දී සිහිපත් කළ ජනාධිපතිවරයා, එම තරුණයා “චීන-කසකස්තාන මිත්‍රත්වයේ දූතයෙකු” ලෙස නම් කර ඔහුට ප්‍රශංසා කළේය.

Ruslan Tulenov මේ පිළිබඳව දැඩි විස්මයට පත්විය. තමා වැනි සාමාන්‍ය ජාත්‍යන්තර ශිෂ්‍යයෙකු පිළිබඳ කතාවක් චීන ජනාධිපතිවරයා සඳහන් කරනු ඇතැයි කිසිසේත් අපේක්ෂා නොකළ බව ඔහු කියාසිටියේය. ජනාධිපතිවරයා කෙරෙහි ගැඹුරු ආදරයක් දැනෙන බවත්, එතුමා ඉතා සියුම් අවධානයකින් යුතු නායකයෙකු බවත් ඔහු පැවසීය.

Hainan පළාතේ පදිංචි වූ Ruslan Tulenov වසර නවයකට පසු, Hainan Yangpu වරායේ දී ෂී ජින් පිං ජනාධිපතිවරයා හමුවිය. ජනාධිපතිවරයා එහි දී පැවසුවේ, “ඔබ දෙස බලන විට අප මීට පෙර හමු වී ඇති බවක් මට දැනෙනවා” යනුවෙනි. එසේම, Ruslan Tulenov චීනය පිළිබඳ මනා අවබෝධයකින් යුතු ‍තරුණයෙකු බව ද හෙතෙම පැවසීය. මෙවැනි දක්ෂතා සපිරි ජාත්‍යන්තර තරුණ ප්‍රජාව චීනයට සාදරයෙන් පිළිගන්නා බවත්, සියලුදෙනාම එකම පවුලක් බවත් ෂී ජින් පිං මහතා මෙහිදී කියාසිටියේය.

වයස අවුරුදු 16 දී චීනයට පැමිණි Ruslan Tulenov මේ වනවිට Hainan ජාත්‍යන්තර ආර්ථික සංවර්ධන කාර්යාංශයේ සේවය කරයි. ගෙවී ගිය දශකයකට වැඩි කාලයක් තුළ චීනය බොහෝ සංවර්ධන විපර්යාසයන් ට ලක් ව ඇති බව ඔහුගේ අදහස යි. නවීන යුගයට ගැලපෙන සංකල්ප රැසකින් පොහොසත් ජනාධිපති ෂී ජින් පිං මහතා අතිශය ප්‍රඥාවන්ත නායකයෙකු බවත් Ruslan Tulenov පැවසීය.

ගුවන් විදුලිය
20240504සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම