වරාය නගරය “කොළඹ මූල්‍ය කලාපය” බවට පරිවර්තනය කිරීම සඳහා නව නීතියක්
2023-09-27 16:25:04
Share with:

වරාය නගරය “කොළඹ මූල්‍ය කලාපය” බවට පත්කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදන කටයුතු සිදුවෙමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ යටතේ ආයෝජන මණ්ඩලය ආර්ථික කොමිෂන් සභාව ලෙස පරිවර්තනය කිරීමට ද පියවර ගන්නා බව ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ දී ඊයේ (26) පැවති 2023 වාණිජ බේරුම්කරණ සම්මන්ත්‍රණය අමතමිති.

ජාත්‍යන්තර නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට එළැඹීමේ වැදගත්කම සහ විකල්ප ආරවුල් විසඳීමේ මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ අවශ්‍යතාව ද හෙතෙම මෙහිදී අවධාරණය කළේය. රටේ තරගකාරී අනාගතය සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකාවේ දේශසීමාවෙන් ඔබ්බට දිවෙන කෘත්‍රිම බුද්ධිය (AI) බ්ලොක්චේන් තාක්ෂණය සහ හරිත බලශක්තිය වැනි නැගී එන ක්ෂේත්‍රවල විශේෂීකරණයට එක්වන ලෙස ජනාධිපතිවරයා නීතිඥ වෘත්තිකයන්ගෙන් ද ඉල්ලා සිටියේය.

ජාත්‍යන්තර විකල්ප ආරවුල් විසඳීමේ මධ්‍යස්ථානය (IADRC) විසින් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබිණි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම