පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව සංකල්පයේ පුළුල් අර්ථය අනාගතයේ දී ලොවට වඩාත් ප්‍රත්‍යක්ෂ වනු ඇත
2023-09-27 11:32:09
Share with:

ඉකුත් දශකය තුළ චීනය ඉදිරිපත් කළ ‘පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමේ’ සංකල්පය ලෝකය වෙනස් කිරීමට විශාල බලපෑමක් එල්ල කර තිබේ.

පසුගිය 2013 වසරේ මාර්තු මාසයේ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මොස්කව් ජාත්‍යන්තර සබඳතා ආයතනයේ දේශනයක් පවත්වමින් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමේ සංකල්පය ප්‍රථම වරට ඉදිරිපත් කළේය. ඉන්පසු එය අඛණ්ඩව පොහොසත් වෙමින් වර්ධනය වී තිබේ. වසර 6ක් පුරා එම සංකල්පය පිළිබඳ විවිධ කරුණු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල ලේඛනවල අන්තර්ගත ව ඇත. එසේම, ශංහයි සහයෝගිතා සංවිධානය හා බ්‍රික්ස් වැනි බහුපාර්ශ්වික යාන්ත්‍රණවල යෝජනා හෝ ප්‍රකාශයන් හි ද ඒ පිළිබඳ බොහෝ වාරයක් ලියැවී තිබේ. පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව සංකල්පයට ජාත්‍යන්තර තලයේ ඇති පුළුල් පිළිගැනීම හා සහයෝගය ඉන් මනා ව පිළිබිඹු වෙයි.

“පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම උදෙසා - චීනයේ මුලපිරුම සහ වැඩපිළිවෙළ” මැයෙන් ධවල පත්‍රිකාවක් චීනය ඊයේ(26) නිල වශයෙන් නිකුත් කළේය. එම සංකල්පයේ  අන්තර්ගත චින්තනය හා ප්‍රායෝගික ප්‍රතිඵල පිළිබඳව එම ධවල පත්‍රිකාව පූර්ණ ලෙස විස්තර කරයි.

පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම ලොවට විශිෂ්ට දැක්මක් තිළිණ කළා පමණක් නොව, ප්‍රායෝගික ක්‍රියාමාර්ග හා කාර්ය සැලසුම් රැසක් ද ඊට ඇතුළත් ය. ගෙවී ගිය දශකය තුළ “එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළේ පොදු සංවර්ධනය මෙන්ම ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම සහ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම චීනය පිළිවෙළින් ඉදිරිපත් කළේය. එමගින් ලෝකයට විශාල ප්‍රතිලාභ හිමිවෙමින් පවතී.

විවිධ ගෝලීය අභි‍යෝග හමුවේ, අන්‍යෝන්‍ය යහපත හා පොදු ජයග්‍රහණ සාක්ෂාත් කිරීමේ දී, ලොව ඕනෑම රටකට නිවැරදිම තේරීම වන්නේ එක්ව සහයෝගිතා පැවැත්වීම යි. මේ නිසාම, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව සංකල්පයේ පුළුල් අර්ථය හා වටිනාකම අනාගතයේ දී වඩාත් වැඩියෙන් අවබෝධ වනු ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම