‘පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම’ ඓතිහාසික ක්‍රියාදාමයක්
2023-09-27 15:31:33
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, ‘පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව’ යන සංකල්පය ඉදිරිපත් කර මේ වනවිට දශකයක් ගත වී ඇත. ‘සෑම ජාතියකම, සෑම රටකම දෛවය එකිනෙක දැඩි ලෙස බැඳී පවතී. ඒ හේතුවෙන් අභියෝගවලට පොදුවේ මුහුණ දී අප ජීවත් වන මේ මිහිතලය මත සුසංගත මහා පවුලක් ගොඩනැගීමටත්, ලෝ වැසියන් සුන්දර ජීවිතයක් පිළිබඳව දරන අපේක්ෂා සැබෑ කිරීමටත් එක්ව උත්සාහ කළ යුතුයි’ යනුවෙන් එම සංකල්පය නිර්වචනය කරමින් ෂී ජින්පිං මහතා විග්‍රහ කර ඇත. ගෙවී ගිය වසර දහය තුළ හෙතෙම එහි අන්තර්ගතය පොහොසත් කිරීමෙහි ද අඛණ්ඩව නියැලී සිටියි.

චීනය පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමේ සංකල්පයේ මුලපුරන්නෙකු වන අතර, ඒ සඳහා වගකීමෙන් යුක්ත ක්‍රියා කරන්නෙක් ද වේ. එසේම, ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු ව ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ පොදුවේ සංවර්ධනය කිරීමෙහි ද චීනය  නිරත වේ. ‘ගෝලීය සංවර්ධන මුලපිරුම’, ‘ගෝලීය ආරක්ෂක මුලපිරුම’ හා ‘ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම’ ක්‍රියාවට නැංවීමට උත්සාහ කරන චීනය සෙසු රටවල් සමග පොදු මෙහෙයුම් මගින් විවිධ ක්ෂේත්‍රවල ජගත් සහයෝගතාවට ප්‍රබල ශක්තියක් එකතු කිරීමට ද දායක වී තිබේ.

පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව යන සංකල්පය, “තම ප්‍රතිලාභයම පමණක් සලකන කල්ලිවාදී  දේශපාලනය, බලය ප්‍රමුඛ කරගත් ආකල්පය මෙන්ම සුළුතර බටහිර රටවල ඊනියා ‘විශ්ව වටිනාකම්’” අභිභවා යාමකි. සිය-රට පමණක් ප්‍රමුඛ කරගන්නා ආකල්පයක් දරන්නේ නම්, ලෝක‍යේ ඉඩ ප්‍රමාණවත් නොවෙතැයි හැඟී යා හැකි අතර, සෑමවිටම උග්‍ර තරගකාරීත්වයක් ද පවතී. එහෙත්, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව යන පුළුල් සංකල්පයේ හිඳ බැලූ විට නම් ලෝකය ඉතා දැවැන්ත ලෙස දැකිය හැකි වන අතර, සහයෝගතා අවස්ථා ද මනා ව ඉස්මතු වී පෙනෙනු ඇත. පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීම, යහපත් අභිලාෂයක් මෙන්ම එය ඓතිහාසික ක්‍රියාදාමයකි. එම ක්‍රියාදාමයට පාරම්පරික ප්‍රගතිය අවශ්‍ය බව පැහැදිලිය. 


ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම