‘එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ’ලෝකයේ සංවර්ධන අපේක්ෂා යථාර්ථයක් බවට පත් කර ඇත - පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ
2023-09-27 16:21:22
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ නායකත්වයෙන් ඇරඹුණු එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ වර්තමානය වන විට ලොව ප්‍රධානම සංවර්ධන ව්‍යාපෘතිය බවට පත්ව ඇත. එමෙන්ම එය ලෝකයේ වැඩිම රටවල් සංඛ්‍යාවක් පිළිගත් සංවර්ධන වැඩපිළිවෙළක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා ප්‍රකාශ කරයි.

මෙම ව්‍යාපෘතිය ආරම්භයේ දී බටහිර අධිරාජ්‍යවාදී රටවල් ඊට විවිධ චෝදනා එල්ල කළේය.  නමුත් අද වනවිට ඒ සියල්ල අසත්‍ය බව සනාථ කරමින් ලොව වැඩිම රටවල් සංඛ්‍යාවක් අන්‍යෝන්‍ය සහයෝගිතාවයෙන් කටයුතු කරන දැවැන්තම ගෝලීය සංවර්ධන වැඩපිළිවෙළ ලෙස මෙය ක්‍රියාත්මක වේ. ලෝකයේ සෑම කලාපයක්ම ආවරණය වන මෙම ව්‍යාපෘතිය ගෝලීය ආර්ථික කේන්ද්‍රය නවමු දිශානතියකට යොමු කිරීමට ද සමත් වී ඇත. ඒ අනුව, ගෝලීය ආර්ථික සහ දේශපාලන බලය ලොව දකුණු දිගට විතැන් වෙමින් පවතින බව මන්ත්‍රීවරයා කියාසිටී. හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ද මෑතක දී ප්‍රකාශ කළේ, ලෝකයේ බල තුලනය වෙනස් වී ලෝකයේ දකුණු රටවල් සංවර්ධනීය මෙන්ම අභියෝගාත්කමක කලාපයක් ලෙස වර්ධනය වන බවයි.

එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘතිය තුළින් සංවර්ධනය වෙමින් පවතින රටවල මෙන්ම නොදියුණු මට්ටමේ සිටින රටවල ආර්ථික සංවර්ධනයට නව වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇත. එමගින් ලෝකය තුළ නව ආර්ථික කලාපයක් නිර්මාණය කිරීමට ද අවස්ථාව උදා වී තිබේ. විශේෂත්වය වන්නේ ඒකධ්‍රැව සහ ද්විධ්‍රැව ලෝක රටාව වෙනස් කරමින් බහුධ්‍රැව ලෝක තත්ත්වයක් ගොඩනැගීමට පවා මෙම වැඩපිළිවෙළ ඔස්සේ හැකියාව ලැබීමයි.

සංවර්ධනයේ ප්‍රතිලාභ ලෝකය සමග සාර්ථකව හුවමාරු කර ගැනීමට මෙම වසර දහය පුරා චීනයට අවකාශය ලැබී ඇත. භූගෝලීය වශයෙන් සුවිශේෂ ස්ථානයක පිහිටි ශ්‍රී ලංකාවට ද මෙමගින් උසස් කාර්යසාධනයක් අත් කර ගත හැකිය. එහෙයින් අනාගත දියුණුව වෙනුවෙන් සියලු පාර්ශ්ව මේ සමග සම්බන්ධ වීමේ අවශ්‍යතාව මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.

බහුවිධ ප්‍රතිලාභ ගෙන දෙන එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ දස වැනි සංවත්සර සමුළුව ලබන ඔක්තෝබර් මාසයේ බෙයිජිං නුවර දී පැවැත්වීමට නියමිතව ඇත. චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ නායකත්වයේ සන්ධිස්ථානගත අවස්ථාවක් වන මෙම සමුළුව ලෝකයේ තීරණාත්මක ආර්ථික, දේශපාලන, සංස්කෘතික හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇතැයි ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. ලෝකයේ සංවර්ධන අපේක්ෂා යථාර්ථයක් බවට පත් කරන එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ දස වැනි සංවත්සරය වෙනුවෙන් සිය සුබ පැතුම් පිරිනමන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා කියාසිටී.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම