රට තුළ සහල් අතිරික්තයක් ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි
2023-09-27 16:27:16
Share with:

රටේ දැනට පවතින සහල් සහ වී තොග පිළිබඳව සමාලෝචනයක් සිදු කළ යුතුව ඇති බැවින් දැනට පවතින සහල් හා වී තොග පිලිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසීමක් සිදු කර ඇත.

එහිදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින් පෙන්වා දුන් පරිදි පසුගිය මහ කන්නයේ කුඹුරු හෙක්ටයාර් ලක්ෂ 08ක වී වගා කර තිබේ. එමෙන්ම මෙවර යල කන්නයේදී වගා කළ කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර් පන්ලක්ෂ තුන්දහසකි. ඒ අනුව සමස්ත වී අස්වැන්නේ ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ 52කි. ඉන් නිෂ්පාදනය කළ හැකි සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ 31ක් වේ.

මෙරට වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ 24ක් වන අතර සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 07ක අතිරික්තයක් රට තුළ පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. එම සහල් අතිරික්තය ප්‍රයෝජනයට ගත හැකි ආකාරය සැළසුම් කළ යුතුව ඇති බවත් එහිදී පෙන්වා දී ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම