ඇමරිකාවේ මෝටර් රථ කාර්මිකයින්ගේ වැඩ වර්ජනය තවදුරටත්...
2023-09-27 11:30:10
Share with:

ඇමරිකානු මෝටර් රථ කාර්මිකයන් Detroit නගරයේ ප්‍රමුඛ පෙළේ මෝටර් රථ නිෂ්පාදන සමාගම් තුනකට එරෙහි ව දියත් කර ඇති වැඩ වර්ජනය අඛණ්ඩ ව ක්‍රියාත්මක ය. ඊයේ (26) වනවිට ඊට දින 12 ක් ගත වී තිබේ. දෙපාර්ශ්වය අතර සාකච්ඡාව සැලකිය යුතු ප්‍රගතියක් ලබා නොගත් බැවින් වැඩ වර්ජනය තවදුරටත් පැවැත්වීමේ ලකුණු පවතී.

     වැඩ වර්ජනයත් සමග ඇමරිකානු මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තය බරපතල පසුබෑමකට ලක් ව ඇත. එහෙත් එර‍ට දේශපාලනඥයෝ මේ තත්ත්වය අවස්ථාවක් ලෙස යොදා ගනිමින් පටු දේශපාලන වාසි ලබාගැනීමට තැත් කරමින් සිටිති.

මෙවැනි දැවැන්ත මෝටර් රථ සමාගම්, රිපබ්ලිකන්වරුන්ට පක්ෂපාතී ඡන්ද ගබඩා ලෙස සැලකෙන අතර, ඩිමොක්‍රටික්වරුන් මෝටර් කාර්මිකයන්ගේ ඡන්ද වැඩියෙන් දිනා ගැනීමේ අපේක්ෂාවෙන් කටයුතු කරන බව එරට මාධ්‍ය  වාර්තාවන් හි දැක්වේ. කෙසේවෙතත් දැනට දෙපක්ෂයේ ම අපේක්ෂකයන් වැඩ වර්ජනය පැවැත්වෙන ස්ථානවලට කඩිනමින් පැමිණ පෙනී සිටින්නේ වැඩියෙන් ඡන්ද දිනා ගැනීමට මිස, වැටුප් අර්බුදයට විසඳුමක් සෙවීම සඳහා නොවන බව ද මාධ්‍යවේදීන් පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම