‘INFOTEL තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනය’ නොවැම්බර් මාසයේදී
2023-09-27 16:26:23
Share with:

ඩිජිටල්කරණය වූ නවීන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළට සමගාමීව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ‘INFOTEL තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනය’ නොවැම්බර් මස 03 වනදා සිට 05 වනදා දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වේ.

‘ඩිජිටල් ආර්ථිකය සවිබල ගැන්වීම’ යන තේමාව යටතේ පැවැත්වෙන ප්‍රදර්ශනය තාක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ සංවිධානය කරයි.

මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තය දියුණු කිරීමට මෙම ප්‍රදර්ශනය බෙහෙවින් ඉවහල් වනු ඇති බවයි. මෙම ප්‍රදර්ශනය වෙනුවෙන් අනුග්‍රහය ලබාදෙන අනුග්‍රාහක චෙක්පත් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදුවිය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම