ගෝලීය ප්‍රාග්ධන වේගයෙන් චීනයට
2023-09-26 10:59:29
Share with:

වර්මානයේ මැද පෙරදිග ප්‍රාග්ධන වේගයෙන් චීනයට ප්‍රවේශ වෙමින් පවතී. කවර හෝ ගෝලීය ආයෝජන සමාගමක් ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකය සහ දෙවැනි විශාලතම ප්‍රාග්ධන වෙළෙඳපොළ වන චීනය තුළ සංවර්ධන අවස්ථා අත්පත් කර ගැනීමට බලාපොරොත්තු වන බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

එහෙත් ඇමරිකාව ඇතුළු බටහිර රටවල ඇතැම් මාධ්‍ය දක්වන‍්නේ ඊට වෙනස් මතයකි. මෑතක දී ඔවුහූ ගෝලීය වත්කම් කළමනාකරණ සමාගමක් වන BlackRock සමාගමේ සහ නෝර්වීජියානු ස්වෛරී අරමුදලේ ව්‍යාපාරික ගැලපුම් උපුටා දක්වමින්  ඊනියා "චීනයේ A-කොටස් වලින් විවිධ විදේශ ප්‍රාග්ධනයන් ඉවත් කර ගෙන ඇති බව" උද්දීපනය කරමින් සිටිති.

එහෙත් BlackRock සමාගම ප්‍රකාශ කර ඇත්තේ, සමාගමේ අරමුදල් ඈවර කිරීම සාමාන්‍ය තීරණයක් වන අතර, චීනයෙන් ඉවත් වීම පිළිබඳ ඊනියා වාර්තා අසත්‍ය බවයි. චීන වෙළඳපොළට දුන් පොරොන්දුව නොවෙනස්ව පවතින බවත් එම සමාගම පැහැදිලි කර ඇත. නෝර්වීජියානු ස්වෛරී අරමුදල ද එවැනි ප්‍රතිචාරයක් දක්වා ඇත. ෂැංහයි නියෝජිත කාර්යාලය වසා දැමීමේ තීරණය අරමුදලේ ආයෝජන උපායමාර්ගයට සහ චීනයේ එහි ආයෝජනවලට බලනොපාන බව එම අරමුදල පෙන්වා දී ඇත. ඇතැම් බටහිර රටවල් සාමාන්‍ය සිද්ධීන් "පොදු සංසිද්ධි" ලෙස අතිශයෝක්තියට නැංවීමේ හේතු කුමක් දැයි වටහාගැනීම වැදගත්ය.

කෙසේ වෙතත්, ඇතැම් බටහිර රටවල එම ක්‍රියාවලිය චීනය කෙරෙහි අන්තර්ජාතික ප්‍රාග්ධන සංජානනයට බලපෑමක් කළ නොහැක. මැදපෙරදිග ප්‍රාග්ධනය පමණක් නොව, මෑතකදී J.P.Morgan Chase & Co සහ ANZ බැංකුව ද චීනයේ ආර්ථික වර්ධනය සඳහා අපේක්ෂාවන් ඉහළ නංවා ඇත. Lombard Consulting සමාගම ඇතුළු විදේශීය ආයතන චීනයේ කොටස් වෙළඳපල ප්‍රතිලාභ අනුපාතය සඳහා අපේක්ෂාවන් ඉහළ නංවා ඇති බව වාර්තා වෙයි.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම