2023 "චීන රූපමය උළෙල" තිරගත කිරීමේ උත්සවය සාර්ථික ව පැවැත්වේ
2023-09-26 17:11:43
Share with:

"එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළේ 10වැනි සංවත්සරය නිමිත්තෙන්, 2023 "චීන රූපමය උළෙල" තිරගත කිරීමේ උත්සවය ඊයේ(25) චිලී රාජ්‍යයේ Santiago, හිදී සාර්ථක ව පැවැත්විණ. මෙම උත්සවය චීන මාධ්‍ය සමූහය සහ එක්සත් ජාතීන්ගේ ලතින් ඇමරිකානු හා කැරිබියන් ආර්ථික කොමිසම එක්ව සංවිධානය කරන ලදී.

මෙම උත්සවයේදී, "නිල්වන් සාගරයේ සිහින නිර්මාණය" නැමති චීන මාධ්‍ය සමූහයට අයත් CGTN වාර්තා චිත්‍රපටය ප්‍රථම වරට ප්‍රදර්ශනය කළේය. චීනයේ සහ ලතින් ඇමරිකානු රටවල් හයක මෙම වාර්තා චිත්‍රපටය රූගත කර ඇත. "එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළ තුළ අන්තර්ගත තේමාවන්, එහි ඉතිහාසය සහ විවිධ සිදුවීම් ගැඹුරින් ගවේෂණය කරන මෙම වාර්තා චිත්‍රපටය, චීනය සහ ලතින් ඇමරිකාව අතර ශිෂ්ටාචාරගත අන්‍යෝන්‍ය ඉගෙනීම, සහයෝගීතාව සහ සංවර්ධනය පිළිබඳ  වන සුන්දර දැක්ම ඉස්මතු කර තිබේ.

චීන මාධ්‍ය සමූහයේ ප්‍රධානී Shen Haixiong මහතා එහිදී සඳහන් කළේ, "එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළ සෑම විටම පුළුල් උපදේශන, ඒකාබද්ධ දායකත්වය සහ හුවමාරු සබඳතා යන මූලධර්මවලට අනුකූල වන අතර, මෙමගින් සියලු රටවල් අතර සහජීවනය ප්‍රවර්ධනය කරන බවයි. "එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළ චීනයේ සහ ලතින් ඇමරිකාවේ ආයෝජන සහ වෙළඳාම, කාර්මික සහයෝගීතාවය සහ සංස්කෘතික හුවමාරුව යන ක්ෂේත්‍ර සමග ඒකාබද්ධ කර ඇති අතර, එමඟින් සියලුම රටවල ජනතාවට ප්‍රතිලාභ හිමිව ඇති බවයි.

2023 "චීන රූපමය උළෙල" තුළ "එක් තීරයක් එක් මාවතක්" යන තේමාව වසර පුරාම ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම කාල පරිච්ඡේදය තුළ, චීන මාධ්‍ය සමූහයට අයත් CGTN නාලිකාව, ආර්ජන්ටිනාව, චිලී, කොලොම්බියාව යන ලතින් ඇමරිකානු රටවල් කිහිපයක ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල කථාංග 30 කට ආසන්න සංඛ්‍යාවක් සහිත ස්වයං-නිෂ්පාදිත වාර්තා චිත්‍රපට 10 ක් විකාශය කළේය. විවිධ ක්ෂේත්‍රවලින් "එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළ යටතේ චීනය ලෝකය සමග සම්බන්ධතා සහ මිත්‍රශීලී හුවමාරුව ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාවලිය මෙම වාර්තා චිත්‍රපටවලින් නිරූපනය කරයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම