වෙනිසියුලාවට එරෙහි ඒකපාර්ශ්වික බලහත්කාරී පියවර කඩිනමින් ඉවත් කරන ලෙසට චීනයෙන් ඉල්ලීමක්
2023-09-26 09:31:17
Share with:

වෙනිසියුලාවට එරෙහි ඒකපාර්ශ්වික බලහත්කාරී පියවර කඩිනමින් ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිතයා ඉල්ලීමක් කරයි.

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ සහ ස්විට්සර්ලන්තයේ අනෙකුත් ජාත්‍යන්තර සංවිධානවල චීන නිත්‍ය නියෝජිත Chen Xu මහතා ඊයේ(25) පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිවාරයේදී දේශනයක් කරමින් මෙම ඉල්ලීම කළේය.මානව හිමිකම් ප්‍රවර්ධනය කොට ආරක්ෂා කිරීම සඳහා වෙනිසියුලානු රජය දරන උත්සාහයන් සහ ජයග්‍රහණ චීනය අගය කරන බව Chen Xu මහතා එහිදී සඳහන් කළේය. වෙනිසියුලානු රජයට හා ජනතාවට රටේ ස්වෛරීභාවය හා ජාතික ගෞරවය ආරක්ෂා කොට ජනජීවිතය යහපත් කිරීමටත් තම රටේ සැබෑ තත්වයට අනුකූල මානව හිමිකම් වර්ධන මාර්ගය ඔස්සේ ඉදිරියට යාමටත් චීනය අඛණ්ඩව අනුබල දෙන බවද  Chen Xu මහතා පැවසීය.

ඇතැම් රටවල් දිගු කාලීනව වෙනිසියුලාවට එරෙහිව ඒකපාර්ශ්වික බලහත්කාරී පියවර ක්‍රියාත්මක කිරීම, එරට ආර්ථික හා සමාජ සංවර්ධනයට දැඩි බාධාවක් වී ඇති අතර ජනතාවගේ මානව හිමිකම් හා ජනජීවිතයට ඉන් බරපල බලපෑම්  එල්ලවී තිබේ. ඒ සම්බන්ධයෙන් ඉහළ අවධානයක් යොමු කර වෙනිසියුලාවට එරෙහි ඒකපාර්ශ්වික බලහත්කාරී පියවර කඩිනමින් ඉවත් කළ යුතු බවද Chen Xu මහතා එහිදී පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම