චීනය හා ඊජිප්තුව අතර සහයෝගතා තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර
2023-09-26 10:53:42
Share with:

දෙරටේ ‍රාජ්‍ය නායකයන් එළඹ ඇති වැදගත් එකඟතාවන් ක්‍රියාවට නැංවීමට සහ අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය ශක්තිමත් කිරීමට ඊජිප්තුව සමග එක්ව ක්‍රියා කරන බව චීනය පවසයි. ඊජිප්තුවේ නිල සංචාරයක නිරත චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජික, මධ්‍යම කාරක සභාවේ විනය පරීක්ෂණ කොමිසමේ ලේකම් ලී ෂී මහතා ඊජිප්තු ජනාධිපති Abdel-Fattah al-Sisi මහතා හමුවූ අවස්ථාවේදී මේ බව සඳහන් කළේය.

දෙරටේ කේන්ද්‍රීය අභිලාෂයන්ට බලපාන කරුණුවල‍දී ඊජිප්තුවට සහාය පළ කරන බවද හෙතෙම කියා සිටී.එක් තීරයක් එක් මාවතක් හා 2023 ඊජිප්තු දැක්ම ප්‍රවර්ධනයට චීනය ක්‍රියා කරන බවද ‍ලී ෂී මහතා සඳහන් කළේය.

එහිදී චීන ඊජිප්තු එක් තීරයක් එක් මාවතක් සහයෝගතාවේ සාර්ථකභාවයන් පිළිබඳ ඉහළින් අගය කළ ඊජිප්තු ජනාධිපතිවරයා චීනය සමග සහයෝගතා තවදුරටත් ශක්තිමත් කිරීමට ‍අපේක්ෂා කරන බව ද පැවසීය.


ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම