ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සාමාජිකයන් වැඩි කෙරේ
2023-09-26 20:23:10
Share with:

සිය බැංකුවට එක්ව සිටින සාමාජික රටවල් සංඛ්‍යාව 109 දක්වා පුළුල් කර ඇතැයි ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව අද (26) නිවේදනය කර තිබේ. එම බැංකුවේ 8 වන කෘත්‍යාධිකාර මණ්ඩලයේ වාර්ෂික සමුළුව මේ දිනවල ඊජිප්තුවේ Sharm el-Sheikh නුවරදී පැවැත්වේ. එහිදී එල් සැල්වදෝරය, සොලමන් දූපත්, ටැන්සානියාව යන රටවල් තුන එම බැංකුවට එක්වීමේ අයදුම්පත් අනුමත කෙරිණ.

මේ වන විට ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවට එක්ව සිටින රටවල ජනගහනය ලොව සමස්ත ජනගහණයෙන් 81%කි. එමෙන්ම ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 65%ක් සඳහා ද එම රටවල් දායකත්වය ලබා දෙයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම