ආසියානු යටිතල පහසුකම් ආ‍යෝජන බැංකුව දේශගුණ ක්ෂේත්‍රයේ දැවැන්ත මූල්‍යකරණයකට මුල පුරයි
2023-09-26 10:42:18
Share with:

ආසියානු යටිතල පහසුකම් ආ‍යෝජන බැංකුව දේශගුණ ක්‍රියාකාරී සැලැස්මක් එළි දක්වයි. දේශගුණ විපර්යාසයන්ට මුහුණ දීමට අදාළ ප්‍රතිඥවන් හී සංධිස්ථානයක් ලෙසට එය සැලකේ.

එම සැලැස්ම බැංකුවේ 2024 සිට 2030 දක්වා දේශගුණික අභිලාෂයන්ට මඟ පෙන්වීම සඳහා සකස් කර තිබේ. එය ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ දේශගුණික මූල්‍යකරණය වෙනුවෙන් භාවිත කෙරෙන අතරම එහි සාමාජිකයින්ට සහාය දැක්වීම ද ඉන් සිදු කෙරේ. අදාළ ක්ෂේත්‍රයේ ආයෝජන මෙහෙයවන තීරණාත්මක ක්‍රියාකාරී ක්ෂේත්‍ර හඳුනා ගැනීම ද සැලැස්මට අයත් බව ආසියානු යටිතල පහසුකම් ආ‍යෝජන බැංකුව සඳහන් කරයි.

ක්‍රියාකාරී සැලැස්මට මූලධර්ම හතරක්  අයත් වෙයි. සාධාරණ දේශගුණ මූල්‍යකරණයක් මත එම බැංකුවේ සාමාජිකයින්ගේ විවිධ අවශ්‍යතා සපුරාලීම, පොදු ප්‍රවේශයක් අනුගමනය කිරීම, ප්‍රාග්ධනය බලමුලු ගැන්වීම සහ තාක්ෂණික නවෝත්පාදනයට පහසුකම් සැලසීම එම මූලධර්මයන්ය.

වසර 2025 වන විට එහි වාර්ෂික මූල්‍ය අනුමැතියෙන් අවම වශයෙන් සියයට 50 ක් දේශගුණික මූල්‍යකරණය වෙනුවෙන් වෙන් කිරීමට ආසියානු යටිතල පහසුකම් බැංකුව කැපවී සිටින බවද එම සැලැස්මේ දැක්වේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම