රාජ්‍ය ණය කළමනාකරණයට නව ආයතනයක්
2023-09-26 17:02:34
Share with:

රාජ්‍ය ණය කළමනාකරණය සඳහා ආයතනයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 2022 අතුරු අයවැය මගින් ආයතනික  ප්‍රතිසංස්කරණයක් ලෙස ස්වාධීන රාජ්‍ය ණය කළමනාකරණ ආයතනයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම අවධාරණය කරනු ලැබ ඇති අතර ණය කළමනාකරණය ඉහළ නැංවීම සහ පාරදෘශ්‍ය භාවය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  විස්තීරණ ණය පහසුකම යටතේ ද ප්‍රධාන ක්ෂේත්‍රයක් ලෙස හඳුනා ගෙන තිබිණ.

යෝජිත රාජ්‍ය ණය කළමනාකරණ ආයතනය ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව විසින් තාක්ෂණික සහාය ලබා දී තිබෙන බව ද රජය පවසයි.

මේ අතර 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත පනත සංශෝධනයට ද කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම