චීනය ශ්‍රේෂඨයි, නිහතමානීයි. --සිරියානු ජනපති
2023-09-26 10:33:59
Share with:

සිරියානු ජනාධිපති Bashar al-Assad මහතා සහ ආර්යාව 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උළෙලට එක්වීමට පසුගිය 21වනදා චීනයේ හන්චෞ නගරයට පැමිණියහ. සිරියානු ජනාධිපතිවරයාගේ මෙවර චීනයට පැමිණියේ වසර  2004න් පසුවය. මෙම සංචාරය තුළදී ඔහු චීන මාධ්‍ය සමූහය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් විය.

ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උළෙලට එක්වූ සිරියානු නියෝජිත කණ්ඩායම කෙරේ ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂකයින් දැක්වූ ඉමහත් උණුසුම් ප්‍රතිචාරය පිළිබඳවත් චීන අන්තර් ජාල භාවිත කරන්නන් මේ දිනවලදී සමාජ වෙබ් අඩවි ඔස්සේ සිරියාවට දක්වන දිරිගැන්වීම හා ආදරය පිළිබඳවත් ඔහු එහිදී විශේෂයෙන් අදහස් දැක්වීය.

 “ සමාරම්භක උළෙලේ ඒ සංවේදී අවස්ථාව මට පැහැදිලිව මතකයි. සමහර විට අපිට දැනෙනවා චීනය හා සිරියාව අතර හැඟීම මේ රටවල් දෙක අතර භූගෝලීය දුරස්ථභාවය නිසා ඈත් වෙන්න පුළුවන් කියල. ඒත් චීන ජනතාව හා සිරියානු ජනතාව හැඟීමෙන් ළං ව සිටින බව  මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උළෙලේ ඒ උණුසුම් ප්‍රතිචාරයෙන් පැහැදිලිවම ඔප්පු කරලා තියෙනවා. චීන අන්තර් ජාල භාවිත කරන්නන්ගේ  ප්‍රතිචාරයන් ගෙන් මගේ සිත සංවේදී වුණා. චීනය හා සිරියාව අතර අතීතයේ සිට අද දක්වා පවතින සම්බන්ධතාවය ගැනත් වර්තමානයේ සිරියාවට සිදුව ඇති දේ ගැනත් ඔවුන්ට හොඳ අවබෝධයක් තියෙනවා. ඔවුන් මගේ රටට ආදරය දැක්වූ අයුරු  මම දැක්කා. ඒ නිසා මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උළෙල ගැන වුණාත් චීන සමාජ වෙබ් අඩවියෙන් චීන ජනතාව සිරියාව ගැන දැක්වූ අදහස් ගැන වුණාත් මට සමාන හැඟීමක් දැනෙනවා. චීනය ශ්‍රේෂඨයි ඒ වගේම නිහතමානීයි’ යැයි ද සිරියානු ජනාධිපති Bashar al-Assad මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම