චීනයෙන් ලිබියාවට හදිසි ගංවතුර විපත් සහනාධාර
2023-09-25 09:25:13
Share with:

ගංවතුරින් විපතට පත් ලිබියාවට හදිසි මානුෂීය ආධාර ටොන් 90ක් රැගත් චීන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක්  ලිබියාවේ නැගෙනහිර බෙන්ගාසි නගරයට ළඟා වෙයි.

ප්‍රථමාධාර කට්ටල, ජල පිරිපහදු යන්ත්‍ර, කූඩාරම්, බ්ලැන්කට්, අල්ට්රා සවුන්ඩ් රෝග විනිශ්චය පද්ධති, ජීවිතාරක්ෂක කබා ඇතුළු සෙසු සහන ද්‍රව්‍ය ඉන් රැගෙනවිත් තිබේ

දශක කිහිපයකට පසු පසුගිය දා ලිබියාව දරුණුතම ගංවතුර තත්ත්වයකට හසුවිය. ඉන්  දහස් ගණනක්  මිය ගිය අතර යටිතල පහසුකම් රැසකට හානි සිදුවිය. විශේෂයෙන් ජල සැපයුම් පද්ධතියට හා අපවහන පද්ධතියට ඉන් දැඩි ලෙස බලපෑම් එල්ල විය.

ජලය අපවිත්‍ර වීම ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවල ජනතාවගේ සෞඛ්‍ය‍යට හානිකර අන්දමින් බලපා ඇති අතර, ප්‍රධාන වශයෙන් ළමුන් ඊට ගොදුරුවී ඇතැයි ලිබියානු බලධාරීහූ පවසති.

චීන අධාර ලිබියාවට භාරදීමේ අවස්ථාවට එක්වූ එරට චීන දූත මණ්ඩල ප්‍රධානියා පැවසුවේ, ව්‍යසනයේ බලපෑමෙන් මිදීමට සහ විපතට පත් ප්‍රදේශ යථා තත්ත්වයට පත් කිරීමට චීන ආධාර ලිබියාවට සහාය වනු ඇතැයි අපේක්ෂා කරන බවයි. ඉදිරි සහන කටයුතුවලදී ද ලිබියාව සමග අඛණ්ඩව ක්‍රියා කිරීමට චීනය සූදානම් බවද හෙතෙම සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ චීනයේ ලිබියානු දූත මණ්ඩල ප්‍රධානියා පැවසුවේ චීනයේ කාලෝචිත සහයෝගයෙන් දෙරට අතර ගැඹුරු මිත්‍රත්වය පිළිබිඹු කෙරෙන බවයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම