ජාතික නීති සතිය ඇරඹේ
2023-09-25 18:51:19
Share with:

ජාතික නීති සතිය අද (25) ආරම්භ වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. ඒ අනුව අද දින සිට ඔක්තෝබර් මස 01 වැනිදා දක්වා මෙම නීති සතිය ක්‍රියාත්මක වන අතර මෙහිදී නොමිලේ නීතිමය උපදෙස් ලබාදී මහජනතාවට බලපාන නීතිමය ගැටලුවලට විසඳුම් ලබාදෙන බව එම සංගමය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය පිහිටුවා ලබන වර්ෂයේ දී වසර 50 ක් සපිරීම වෙනුවෙන් මෙම සතිය ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව සැප්තැම්බර් 27 සහ 28 යන දෙදින තුළ කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය මුල් කරනිමින් ජනාධිපති නීතිඥවරුන් ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් විසින් ජනතාවගේ නීතිමය ගැටලුවලට නොමිලේ උපදෙස් ලබාදීම ද සිදුකිරීමට නියමිතයි.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම