ජනපති හෙට ජර්මනියට
2023-09-25 18:52:14
Share with:

ජර්මනියේ පැවැත්වෙන බර්ලින් ග්ලෝබල් සාකච්ඡාවට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට(26) දින ජර්මනිය බලා පිටත්ව යයි. බර්ලින් ග්ලෝබල් සංවාදය යනු වර්තමාන භූ දේශපාලනික සහ ආර්ථික අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා වන ඉහළ මට්ටමේ ගෝලීය මුලපිරීමකි.

ජනාධිපතිවරයා ‘බර්ලින් ග්ලෝබල්’ සාකච්ඡාවේ පළමු දිනයේ නායකයින්ගේ සංවාද සැසියේ ආරම්භයේ දී අදහස් දැක්වීමට නියමිතය. ජනාධිපතිවරයා මෙම සංචාරයේදී ජර්මනියේ චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් සහ අනෙකුත් දේශපාලන සහ ව්‍යාපාරික නායකයින් හමුවී සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර තිබේ.

මෙම සංවාදයට ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්, යුරෝපීය කවුන්සිලයේ සභාපති චාල්ස් මයිකල් සහ බෙල්ජියම් අගමැති ඇලෙක්සැන්ඩර් ඩි ක්‍රෝ සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම