වාහන හැර අනෙකුත් සියලුම ආනයන සීමා ඉවත් කිරීමට සැලසුම්
2023-09-25 18:50:20
Share with:

රථ වාහන ආනයන සීමා හැර දැනට පනවා ඇති අනෙකුත් සියලුම ආනයන සීමා කිරීම් ලබන මාසයේ දී අහෝසි කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අසීරුතා හමුවේ ආනයන සීමා තාවකාලිකව පනවමින් රටේ ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒමට රජය ක්‍රියා කළ බව සිහිපත් කළ රාජ්‍ය ඇමැතිවරයා, දැනට ආනයන සීමා කිරීම් එච්.එස්. කෝඩ් 600ක භාණ්ඩ සඳහා පනවා ඇති බව ද ප්‍රකාශ කළේය.

රජයේ නව බදු ප්‍රතිපත්තිය IMF මූල්‍ය පහසුකම ලබා ගැනීමේ වැඩපිළිවෙළ, රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම සහ ආර්ථික ස්ථායිකරණයක් ඇති කර ගැනීම පිළිබඳ වූ ක්‍රියාමාර්ග පිළිබඳව විද්වතුන්, වෘත්තිකයන් හා මහජනතාව දැනුම්වත් කිරීමේ සමුළුවක් අමතා අදහස් දක්වමින් සේමසිංහ මහතා මේ බව පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම