ජෝ බයිඩන් යළි ජනාධිපතිධුරයට පත්වීමට බහුතර පිරිසක් සහාය නොදක්වන බව ඇමරිකාවේ මත විමසුමකින් හෙළිවෙයි
2023-09-25 09:18:04
Share with:

ජෝ බයිඩන් යළි ඇමරිකානු ජනාධිපතිධුරයට පත්වීමට සමීක්ෂණයකට එක්වූ අය අතරින්  56% ක් සහාය නොදක්වන බව ඇමරිකාවේ NBC News ඊයේ (24) පළ කළ එම මත විමසුමේ ප්‍රතිඵල මගින් පෙන්නුම් කෙරේ. එම අනුපාතය වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය තුළ වාර්තාවූ අඩුම පිළිගැනීමේ මට්ටමයි.

එම විමසුමට අනුව, ඔහුට සහාය දක්වන අනුපාතය 41%ක් වන අතර, එය පෙරට වඩා පහත වැටීමකි. වයස අවුරුදු 18 සිට 24 දක්වා ඡන්ද දායකයින් ‍දක්වන සහාය 46%ක් වන අතර , ලතින් ඡන්ද දායකයින් අතර එය 43%කි. මධ්‍යස්ථ ඡන්ද දායකයින් අතර එම අනුපාතය 36% ක මට්ටමක පවතී.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම