ඇමරිකාව ප්‍රමුඛ බට‍හිර රටවල ඒකාපාර්ශ්වික සම්බාධක විවිධ රටවල් හෙළා දකී
2023-09-24 15:24:55
Share with:

විවිධ රටවල දේශපාලනඥයෝ ඊයේ (23) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසියේ පොදු විවාදයේදී ඇමරිකාව ප්‍රමුඛ බට‍හිර රටවල් ලොව පුරාම ගැටළු ඇති කරමින් ඒකාපාර්ශ්වවාදය අනුගමනය කිරීම හෙළා දුටූහ. කියුබාව ඇතුළු රටවලට එරෙහි ඒකාපාර්ශ්වික සම්බාධක අවසන් කරන ලෙසත් ඔවුහු එහිදී ඉල්ලා සිටියහ.

ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සමස්ත මානව වර්ගයා විවිධ සතුරු කණ්ඩායම්වලට බෙදා මානව පොදු අරමුණු ඉටු කිරීමට බාධා කරන බව රුසියානු විදේශ අමැති Sergey Lavrov මහතා එහිදී පැවසීය.

ඒකපාර්ශ්වික සම්බාධක සහ බලහත්කාරී ආර්ථික ක්‍රියාමාර්ග එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමකි. සංවර්ධනය වෙමින් පවතින රටවලට එරෙහි එවැනි ක්‍රියාමාර්ගවලට ඉතියෝපියාව විරුද්ධ වන අතර අදාළ රටවලට එරෙහි එම පියවර කොන්දේසි විරහිතව අහෝසි කළ යුතු බවත් ඉතියෝපියානු උප අගමැති හා විදේශ අමාත්‍ය Demeke Mekonnen මහතා එහිදී පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම