ඉරාන විදේශ ඇමති හා සෞදි අරාබි විදේශ ඇමති අතර සාකච්ඡාවක්
2023-09-24 15:13:32
Share with:

ඉරාන විදේශ ඇමති  Hossein Amir-Abdollahian මහතා සහ සෞදි අරාබි විදේශ ඇමති Faisal bin Farhan Al Saud මහතා සාකච්ඡාවක් පවත්වති. එම සාකච්ඡාව එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරය අතර තුර  නිව්යෝර්ක් නුවර දී සිදුවූ බව ඉරාන විදේශ අමාත්‍යංශය ඊයේ(23) ප්‍රකාශ කළේය.

තම රටවල්වල දෙරටේ තානාපති හා කොන්සල් කාර්යාල  විවෘත කර අන්‍යෝන්‍ය වශයෙන් තානාපතිවරුන් යැවීම පිළිබඳව එම අවස්ථාවේදී ඇමතිවරු දෙපළ සිය තෘප්තිමත්භාවය පළ කළහ.

 සෞදි අරාබිය සමග සම්පූර්ණ සහයෝගතා ලිපිලේඛන කෙටුම්පත් කිරීමට ඉරානය සූදානම් බවත් දෙරටේ ආර්ථික හා වෙළඳ ඇතුළු විවිධ ක්ෂේත්‍රවල සහයෝගතා පුළුල් කිරීමට ඒකාබද්ධ ආර්ථික කමිටුවක්  පිහි‍ටුවන  බවත් Hossein Amir-Abdollahian මහතා එහිදී ප්‍රකාශ කළේය.

සෞදි අරාබිය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය යළි ඇරඹීමෙන් පසු ද්විපාර්ශ්වික සම්බන්ධතා වර්ධනයේ මනා ප්‍රගතියක් ලබා ගෙන ඇති අතර නව සහයෝගතා දැක්මක් ඉන් විවෘත වී තිබෙන බව ද සෞදි අරාබි විදේශ ඇමතිවරයා එහිදී අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම