චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විනය පරීක්ෂණ කොමිසමේ ලේකම් Li Xi මහතා බ්‍රසීලයේ නිල  සංචාරයක
2023-09-24 22:29:50
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විනය පරීක්ෂණ කොමිසමේ ලේකම් Li Xi මහතා බ්‍රසීලයේ නිල මිත්‍ර සංචාරයක නිරත වෙයි.

බ්‍රසීල රජයේ සහ කම්කරු පක්ෂයේ ඇරයුමකට අනුව, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජික, මධ්‍යම කාරක සභාවේ විනය පරීක්ෂණ කොමිසමේ ලේකම් Li Xi මහතා ඉකුත් 18වැනිදා සිට 22වැනිදා දක්වා බ්‍රසීලයේ නිල මිත්‍ර සංචාරයක නිරත විය. එම සංචාරය අතරතුර හෙතෙම බ්‍රසීල ජනාධිපතිවරයා, උප ජනාධිපතිවරයා, සෙනෙට් මණ්ඩල කථානාකවරයා සහ කම්කරු පක්ෂයේ සභාපතිවරයා හමු විය.

විස්තීර්ණ උපායමාර්ගික හවුල්කරුවන් වන චීනය හා බ්‍රසීලය, දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කොට පූර්ණ ප්‍රායෝගික සහයෝගිතා සහ බ්‍රික්ස් රටවල් හා ජී 20 කණ්ඩායම යනාදී බහුපාර්ශ්වික යාන්ත්‍රණ යටතේ සමීප සහයෝගිතා ගැඹුරු කළ යුතු බව Li Xi මහතා බ්‍රසීලයේ ජනාධිපති  Lula da Silva මහතා හමුවූ අවස්ථාවේදී පැවසීය.

බ්‍රසීලය සහ චීනය හොඳ මිතුරන් හා සුහද හවුල්කරුවන් වන අතර දෙපාර්ශ්වයේ සහයෝගිතා මගින් ඵලදායී ප්‍රතිඵල ලබා හිමිව ඇති  බව Lula da Silva මහතා එම හමුවේදී සඳහන් කළේය. බහුපාර්ශ්වික යාන්ත්‍රණ යටතේ ප්‍රායෝගික සහයෝගිතා ශක්තිමත් කොට දිළිඳුකම, අසමානතා, දේශගුණික විපර්යාස සහ ගැටුම් යනාදී ගෝලීය අභියෝගයන්ට මුහුණ දීම සඳහා චීනය සමඟ එක් ව කටයුතු කිරීමට බ්‍රසීලය කැමැත්තෙන් සිටින බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය. 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම