ජනාධිපතිව‍රයා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අනිද්දා
2023-09-24 16:39:30
Share with:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ලබන 26 වැනි දින සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත ව තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ, දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මෙම සාකච්ඡාව සඳහා සහභාගි වනු ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ශ්‍රී ලංකාවට ලබාගැනීම සම්බන්ධයෙන් වන අවසන් සාකච්ඡාව ලෙස ජනාධිපතිවරයා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර අදාළ සාකච්ඡාව පැවැත්වෙනු ඇත.

එම සාකච්ඡාවෙන් අනතුරු ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ශ්‍රී ලංකාවට ලබාගැනීම සම්බන්ධයෙන් ගිවිසුමක් අත්සන් කිරීමට ද නියමිත ව ඇති බව වාර්තා වේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම