ඇමරිකානු ෆෙඩරල් සංචිතයේ සේවක කප්පාදුවක්
2023-09-24 15:14:57
Share with:

මෙම වසරේ අග භාගයට පෙර කාර්ය මණ්ඩලයෙන් 300ක පිරිසක් කපා හැරීමට පියවර ගන්නා බව ඇමරිකානු ෆෙඩරල් සංචිතය ප්‍රකාශ කරයි.

  ඇමරිකානු සී.එන්.එන්. වෙබ් අඩවියේ වාර්තාවකට අනුව, මෙවර සේවක කප්පාදුව පසුගිය වසර 13ක් තුළ එම ආයතනයේ සිදු කෙරෙන පළමු අවස්ථාව බව එහි කමිටු ප්‍රකාශකයා පසුගියදා(22) පැවසීය.

ඇමරිකානු ෆෙඩරල් සංචිතය රටේ ආර්ථිකයේ හා නියාමන ක්‍රියාදාමයන්හි සිදුකරන බලපෑම් ව්‍යාප්ත වීමත් සමගම එහි සේවක ප්‍රමාණය වර්ධන ප්‍රවණතාවක පැවතිණ. කෙසේ වුවද මෙවර, වසර 2010න් පසුව එහි සිදු කෙරෙන පළමු සේවක කප්පාදුව වන අතර සහායක ධුරවලට අදාළ සේවකයින් ඉන් වැඩි බලපෑමට ලක් වනු ඇති බව ද වාර්තා වේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම