කලාපීය ජනතාවගේ සාමූහික අපේක්ෂාවන් ඔප් නංවන Hangzhou ආසියානු ක්‍රීඩා උළෙල
2023-09-24 15:42:25
Share with:


ඊයේ(23) රාත්‍රි 19වැනි ආසියානු ක්‍රීඩා උළෙල චීනයේ Zhejiang පළාතේ Hangzhou නගරයේ දී නිල වශයෙන් ආරම්භ විය. 1990 බෙයිජිං ආසියානු ක්‍රීඩා උළෙලට සහ 2010 ගුවන්චෞ ආසියානු ක්‍රීඩා උළෙලට පසු චීනය ආසියානු ක්‍රීඩා උළෙලට සත්කාරකත්වය දක්වන තුන්වන අවස්ථාව මෙයයි.

ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ සමස්ත සාමාජික රටවල් 45හේ ක්‍රීඩක-ක්‍රීඩිකාවන් 12 දහසකට වැඩි පිරිසක් මෙවර ක්‍රීඩා උළෙලට සහභාගි වීම සඳහා ලියාපදිංචි වී සිටිති. සමස්ත ආසියානු කලාපයම ආවරණය වන පරිදි  ක්‍රීඩා උළෙල ප්‍රධාන ඉසව් 40 කින් සමන්විත වේ.

විශාලතම පරිමාණය, වැඩිම ඉසව් සහ පුළුල්ම ආවරණයක් යන මෙවර ක්‍රීඩා උළෙලේ විශේෂ ලක්ෂණයන් තුළින් Hangzhou ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ආසියානු ජනතාවගේ දැඩි අපේක්ෂාව හා ස්ථිර සහයෝගය පෙන්නුම් කෙරේ.

ආසියාවේ ඉහළම මට්ටමේ ක්‍රීඩා උළෙල ලෙස, ආසියානු ක්‍රීඩා උළෙල සාමය, එකමුතුකම සහ ඉවසිලිවන්තභාවය සඳහා ආසියානු ජනතාවගේ සුන්දර ආශාවන් ඉන් පිළිබිඹු කෙරේ. ඊයේ(23) චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට සහභාගි වීම සඳහා චීනයට පැමිණි ජාත්‍යන්තර සම්භාවනීය අමුත්තන් පිළිගැනීම වෙනුවෙන් පැවති විශේෂ භෝජන සංග්‍රහය අමතමින් මෙවර ආසියානු ක්‍රීඩා උළෙල කෙරෙහි අපේකෂාවන් ප්‍රකාශ කළේය.

ගෙවීගිය දශක කිහිපය තුළ ආසියාවේ ආර්ථිකය ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින අතර එය ලෝක ආර්ථිකයෙන් 40%කට වැඩි ප්‍රමාණයකට දායක විය. එම “ආසියානු ආශ්චර්යයන්”නිර්මාණය කිරීමේදී ආසියානු ක්‍රීඩා උළෙල සාක්ෂිකරුවා, සහභාගිවන්නා සහ ප්‍රවර්ධකයා ද වේ. ආසියා කලාපයෙන් පිටත ඇතැම් රටවල් ආසියාවේ ගැටුම් නිර්මාණය කොට කලාපීය සාමය හා ස්ථාවරත්වය කඩා කප්පල් කිරීමට ගන්නා උත්සාහයන් හමුවේ, ආසියානු ජනතාව ක්‍රීඩාව යන මානවයන්ගේ පොදු භාෂාවක් හරහා සාමයේ අපේක්ෂා නංවමින් තම නිවහනේ සන්සුන් භාවය ආරක්ෂා කර ගැනීමට උනන්දු වෙති. Hangzhou ආසියානු ක්‍රීඩා උළෙ‍ල ආසියානු ජනතාවගේ එම සරල අපේක්ෂාව නියෝජනය කරයි.

ආසියානු ජනතාවගේ ස්ථිර සහයෝගය යටතේ, Hangzhou ආසියානු ක්‍රීඩා උළෙල ඔලිම්පික් මෙහෙයුමේ සංවර්ධනය සහ ආසියානු ජනතාව අතර සමගිය හා මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීමට නව දායකත්වයක් සපයනු ඇතැයි විශ්වාස කෙරේ.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම