චීනයේ ආධාරයෙන් අඩු ආදායම්ලාභීන් හා කලාකරුවන් වෙනුවෙන් නිවාස ව්‍යාපෘතියක්
2023-09-24 16:37:47
Share with:

අඩු ආදායම්ලාභීන්ට , කෘතහස්ත කලාකරුවන්ට හා මාධ්‍යවේදීන් සඳහා  චීන රජයේ ආධාර මත ඉදිකරනු ලබන නිවාස ඒකක 1996 ට ආදල ගිවිසුම ලබන මාසයේදී අත්සන් තබන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි.

ලබන මාසයේදී බෙයිජිං නුවරදී පැවැත්වෙන එක් තීරයක් එක් මාවතක් සමුළුව අතරතුරදී අදාල ගිවිසුමට අත්සන් කරන බව අමාත්‍යාංශය කියයි.

මෙම නිවාස 1996න් නිවාස ඒකක 108ක් මෙරට කෘතහස්ත කලාකරුවන් හා මාධ්‍යවේදීන් සඳහා වෙන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

එම නිවාස කොට්ටාව පළතුරු වත්ත ප්‍රදේශයේ ඉදිකෙරෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා චීන රජය  යුවාන් මිලියන 552ක මූල්‍යාධාරයක් ලබා දෙයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම