ඇමරිකාවෙන් යුක්රේනයට යළිත් ඩොලර් මිලියන 325 ක යුද ආධාර
2023-09-23 16:51:40
Share with:

යුක්රේනයට යළිත් යුද ආධාර ලබාදෙන බව ඇමරිකානු ජනාධිපති Joe Biden මහතා ඉකුත් 21 වැනිදා පවසා තිබේ. කාලතුවක්කු, පතොරම් සහ සන්නාහ නාශක අවි මීට ඇතුළත් ය.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, මෙවර අනුමත කර ඇති යුද ආධාර තොගයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 325 ක් බවයි.

කොංගෝ ජනරජයේ ජනාධිපතිවරයා පසුගිය 20 වැනිදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල 78 වන සැසිවාරයේ පොදු විවාදයේ දී පෙන්වා දුන්නේ, ඇවිලෙන ගින්නට නිරන්තරයෙන් පිදුරු දමන ඇමරිකාව, යුද බිම රසායනාගාරයක් ලෙස සලකා ක්‍රියාකරන බව යි.

රුසියානු-යුක්රේන ගැටුම අවුලුවාලීම නතර කළ යුතු බව අවධාරණය කළ ඔහු සාම සාකච්ඡා ක්‍රියාවලිය ඵලදායී ලෙස ප්‍රවර්ධනය කිරීමට එක්වන ලෙස අදාළ රටවලින් ඉල්ලා සිටියේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම