ශ්‍රී ලංකා – සෞදි අරාබි දිගුකාලීන මිතුදම් තහවුරු කෙරේ
2023-09-23 16:14:54
Share with:

ශ්‍රී ලංකා – සෞදි අරාබි මිතුදම සවිබල ගන්වමින් ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 455 ක  පමණ ආධාර ලබා දී ඇතැයි සෞදි අරාබිය කියාසිටී.

එම ආධාර මත ශ්‍රී ලංකාවේ ක්ෂේත්‍ර රැසක සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇත. සෞඛ්‍ය, අධ්‍යාපනය, වාරිමාර්ග, කෘෂිකර්මාන්තය සහ මහාමාර්ග ව්‍යාපෘති ඊට ඇතුළත් බව, ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් අහමඩ් අල් කටානි මහතා පැවසීය.

සෞදි අරාබියේ 93 වැනි ජාතික දිනය නිමිත්තෙන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් තානාපතිවරයා මේ බව සඳහන් කළේය.

සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව දිගුකලක් තිස්සේ කීර්තිමත් ද්වි-පාර්ශ්වික සබඳතාවකට හිමිකම් කියයි. එය දෙරට අතර අන්‍යෝන්‍ය ගෞරවය සහ සහයෝගිතාව මත පදනම් ව ඇති බවත්, ඒවා විවිධ ක්ෂේත්‍රවල සැලකිය යුතු ලෙස දියුණු වී ඇති බවත් හෙතෙම කියාසිටී.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම