මෙරට දේශපාලන ස්ථාවරත්වය ගැන අපේක්ෂාවෙන් පසුවන බව ඇමරිකාව කියයි
2023-09-23 19:01:36
Share with:

මෙරට ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය පිළිබඳ අමෙරිකාව දැඩි බලාපොරොත්තුවකින් පසු වන බව මෙරට ඇමරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය පවසයි.

ජාත්‍යන්තර සාම දිනය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභා ශාලාවේ පැවති උත්සවයකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය. මෙරට ස්ථාවරත්වය අත්කර ගත යුත්තේ, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස කැප කිරීමෙන් නොවන බව ද ඇය එහි දී ප්‍රකාශ කළාය. රටේ තරුණ පෙළ පිළිගැනීමකට ලක්කොට රටේ අනාගතය ලෙස සවිබල ගැන්විය යුතු බව ද තානාපතිනි ජුලි චන්ග් මහත්මිය පවසයි.

ජාත්‍යන්තර සාම දිනය වෙනුවෙන් මෙම අවස්ථාව සංවිධානය කරනු ලැබුවේ අධිකරණ අමාත්‍යාංශය විසිනි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම