ඒකපාර්ශ්වික සම්බාධක ගැන ලෝක නායකයන්ගෙන් බටහිර රටවලට චෝදනා
2023-09-23 17:14:11
Share with:

ඒකපාර්ශ්වික සම්බාධක අයුතු ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් ලෝක නායකයෝ බටහිර රටවලට චෝදනා කරති. ඊයේ(22) පැවති එක්සත් ජාතීන්ගේ 78 වැනි සැසිවාරයේ පොදු විවාදයේ දී ඔවුහු මේ බව පැවසූහ. කියුබාව හා වෙනිසියුලාව වෙත පැනවූ ඒකපාර්ශ්වික සම්බාධක අවසන් කරන ලෙස ද ඔවුහු  ඇමරිකාවෙන් ඉල්ලා සිටියහ.

ඇන්ටිගුවා සහ බාබුඩා අග්‍රාමාත්‍ය Gaston Browne මහතා එහිදී පැවසුවේ, කියුබාව වෙත ඇමරිකාව පැනවූ සම්බාධක දරුණු මෙන්ම දුෂ්ට සහගත බවයි. කඩිනමින් ඒවා ඉවත් කළ යුතු බව ද හෙතෙම කියාසිටියේය. එමෙන්ම වෙනිසියුලාව වෙත පැනවූ සම්බාධක ඉවත් කරන ලෙස ද ඔහු යෝජනා කළේය.

ජාත්‍යන්තර නීතියට හා එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට එරෙහි වෙමින් වෙනිසියුලාව වෙත පනවා ඇති ඒකපාර්ශ්වික සම්බාධක අත්හිටුවන ලෙස ග්‍රෙනාඩා අග්‍රාමාත්‍ය Dickon Mitchell මහතා යළිත් ඉල්ලා සිටියේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම